Friday, May 17, 2024

බල්ලොන්ට ගල් ගැහුවොත් වැඩ වරදී. සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් !

සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි.

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි.

සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්,මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles