Wednesday, November 20, 2024

කාදිනල් හිමිපාණන් හෙට පාප් වහන්සේ බැහැදකී

වතිකානයේ සංචාරයක නිරත කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි.

මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානයේ සෙන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද කරන ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් රජය මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කාදිනල් මැල්කම් රංජිත් හිමි හෙට (27) පෙරවරුවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම හමුව පැවැත්වෙන හෙට පෙරවරු 10.30ට වතිකානයේ සේන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක් කර තිබීමයි. යුක්තිය උදෙසා වන ලෝක සංවිධානයේ (World Organization for Justice) සම්බන්ධීකාරක ස්ටීවන් ම්‍යුලර් මෙම ආරාධනාව කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ පාප් වහන්සේගේ මෙම හමුවේදී පාස්කු දින ප්‍රහාර මාලාව පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙනුත් කාදිනල් හිමිපාණන් විසින් ශුද්ධෝත්තම පියතුමන් දැනුවත් කිරීමට නියමිතව ඇති බවයි කියන්නේ.

ඒ අනුව, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ශුද්ධෝත්තම පියාණන්ගේ මෙම හමුව ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි විෂ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

මෙම හමුවේදී පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙනුත් කාදිනල් හිමිපාණන් විසින් ශුද්ධෝත්තම පියතුමන් දැනුවත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles