කැම්පස් යන්න ලකුණු මදි අය හයදාහක් කැම්පස් යවයි!

0
548

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය  සමඟ ගිවිසුම්ගතව සිටින මෙරට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ගණනාවකින් එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන බව ද එම අමාත්‍යංශය පවසයි. 

2018 වර්ෂයේදී එවකට පැවැති රජය විසින් ගන්නා ලද තවත් ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස මේ හරහා මේ වන විට සිසුන් තිස්දහසකට ආසන්න සංඛ්‍යාවක් උපාධි පාඨමාලා හදාරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here