Monday, January 13, 2025

කැස්බෑ මරණ 150 සීමාව පසුකරයි…

මියගිය කැස්බෑවකුගේ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබිණ.

අප වර්තාකරු සඳහන් කළේ, කැස්බෑවගේ බර කිලෝග්රෑම් 50 අධික බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වීමත් සමග මාසයක පමණ කාලයක සිට දිවයිනේ දකුණු වෙරළ තීරයට මෙලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු සත්ත්වයින් ගොඩ ගැසීම ආරම්භ විය.

මේ අතර මියගිය කැස්බෑවන්ගේ සිරුරු 150 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මෙරට වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඩොල්ෆින් සත්ත්වයින් 15 දෙනෙකුගේ සිරුරු ද වෙරළ තීරයෙන් සොයා ගත් බවයි.

මෙම සමුද්‍ර ජීවින් මියයාමට හේතු පරීක්ෂා කිරීම් මේ වනවිට සිදු කෙරේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්මේන්තුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles