දියවන්නාවේ කිඹුලෙකු ඇදගෙන ගොස් අතහැර දැමූ පුද්ගල මළ සිරුරේ අනන්‍යතාව හඳුනාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මියගොස් සිටි පුද්ගලයා රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. ඔහුගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවද පොලීසිය ප්‍රකාශ කළේ ය. අදාළ සිද්ධිය ඊයේ (09) වාර්තා විය.