Saturday, September 28, 2024

කිසිදු අමාත්‍යාංශයක විෂය පථයට නොගැනෙන විෂයයන් පිළිබද විශේෂ කාරක සභාවක්

දැනට කිසිදු අමාත්‍යාංශයක විෂය පථයට නොගැනෙන, එහෙත් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් පිළිබද සොයා බැලීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගෙන් එය සමන්විතයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ලබන 17 වන දින සිට අගෝස්තු 20 වන දින දක්වා දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති කාලය පෙ.ව 11.00 වන විට අවසන් කිරීමට කාරක සභාවේදී තීරණය වුණා.

තවද, ස්ථාවර නියෝග 27(2) යටතේ ගැනෙන ප්‍රශ්න සදහා ඒවා අසනු ලබන පක්ෂ නායකයාට මිනිත්තු 05 ක් ද ඒවාට පිළිතුරු ලබා දෙන්නේ නම් අදාළ අමාත්‍යවරයාට මිනිත්තු 05 ක් ද වශයෙන් ලබා දීමටත් එකග වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles