Thursday, May 16, 2024

කේ. එස් මහගමසේකර මහත්මිය දිවිසැරිය නිමකරයි.

මෙරට බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකරයන්ගේ බිරිඳ, කුසුමලතා සුරවීර මහගම සේකර ඊයේ (නොවැ. 21) අභාවප්‍රාප්ත වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත.

මිය යන විට ඇය 88 හැවිරිදි වියෙහි පසු වූවා ය.

ගෞරව දැක්වීම සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා පෙරවරු 10:00 සිට තැන්පත් කර තබනු ලැබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10:30ට බොරැල්ල පොදු සුසාන භූමියේ, කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කෙරේ.

Related Articles

Latest Articles