ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැනට සති ගණනාවක සිට ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටින සනත් ලෙනෝරා නම් වයස්ගත අයෙකුට සිය කල්පනා ශක්තිය හීන වී යාම හේතුවෙන් සිය පවුලේ නෑදෑ හිතවතුන් වෙත යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත .
කොළඹ මරදාන ආනන්ද මාවතේ වසර ගණනාවක සිට පදිංචිකරුවකු බව පවසන මෙහු දූදරුවන් විදේශගතව සිටින බවත් නිරන්තරයෙන් හැඬූ කඳුළින් සිය දියණිය මතක් කර තමාව නිවසට රැගෙන යන ලෙසට මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු දෙනා වෙතම ආයාචනය කරනු ලබයි. මධ්‍යස්ථාන පරිපාලනය විසින් ද මෙම මහතාගේ නිවස සොයා ගැනීමට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන අතර ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරන බව දක්නට ලැබේ .වයස 70 පැත්ත 75ක් පමණ වයස මෙම මහතා රෝගී ප්‍රතිකාර නිරෝධායන කාලය අවසන් කර සති ගණනක් පසුවේ .
ගණිතය විෂය ඉගැන්වූ ගුරුවරයෙකු බවද සමාජ මාධ්‍යවලින් දැනගන්නට ලැබී ඇත