Friday, September 20, 2024

කොරෝනා තවත් බොහෝ කාලයක් ලංකාවේ පැවතිය හැකියි

නිවෙස් නිරෝධායන වැඩසටහනේ මිනිසුන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් කෙවිඩ් රෝගය සමාජය පුරා වැඩි වේගයකින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

නිවෙස් නිරෝධායන වැඩසටහනේ මිනිසුන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් කෙවිඩ් රෝගය සමාජය පුරා වැඩි වේගයකින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයෙකු දින 14ක් අනිවාර්යයෙන්ම නිරෝධායනය විය යුතු නමුත් නිවෙස් නිරෝධායනයේ සිටින නිවැසියන් දින 14කට පෙර නිවසින් පිටව යාමක් විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වන බැවින් ඔවුන් රෝගය සමාජයේ අන් අයටත් පතුරුවන රෝගවාහකයෙකු ලෙස ක්‍රියා කරනු ඇතැයි සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා පැවසීය.

එසේම ආසාදිත පුද්ගලයා දින 14දී සුව වුවද නිවසේ අන් අයට වයිරසය ආසාදනය වී තිබේද යන්න පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකරන බවත් එසේ පරික්ෂාවන් කිරීමට පහසුකම් නොමැති නම් නිවැසියන්ව දින 21ක් දක්වා රඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන නමුත් මේ වන විට ඇතැම් නිවැසියන් වගකීම් විරහිතව කටයුතු කිරීමක් දක්නට ලැබීම අවාසනාවක් බවත් ඔහු පෙන්වා දේ.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයින්ව පරික්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දිනකට එක් වතාවක් හෝ යන බවත් ඔවුන්ට පැවරී ඇති රාජකාරී හමුවේ නිරෝධායන නිවාස වෙත දිනපතා යාමට නොහැකි වී ඇතැයි මුදලිගේ මහතා සඳහන් කරයි,

මේ අතර නිරෝධයන නිවාස පරික්ෂා කිරීමට පොලිසියේ නිලධාරීන් කලින් යොදවා තිබුණද මේ වනවිට ඔවුන්ට අධික රාජකාරියක් පැවරී ඇති බැවින් ඔවුන් නොපැමිණෙන බවට ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බවද හෙතෙම පැවසීය.

රටේ නිරෝධායන ඇඳිරි නීතියක් ක්‍රියාත්මක වුවද මිනිසුන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් කොවිඩ් වසංගතය තවත් බොහෝ කාලයක් මෙරට පැතිරීම වැළැක්විය නොහැකි බව මුදලිගේ මහතා අවධාරණය කරයි.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles