Tuesday, January 14, 2025

කොරෝනා නසන නැනෝ තාක්ෂණය සහිත විෂබීජ නාශක දියරයක් පේරාදේණිය සරසවිය නිපදවයි

කොරෝනා වෛරසය ඇතුළු මතුපිට විෂබීජ විනාශ කිරීමට නැනෝ තාක්ෂණය සහිත විෂබීජ නාශක දියරයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය දිලාන් රාජපක්ෂ මහතා සමත් වී ඇත.

“නැන්ඩොක්ස් ” නමින් නම් කොට ඇති මෙම දියරය මුදල් පසුම්බිය ජංගම දුරකතනය පාසල් බෑග් ඇතුළු සියළුම බෑග් මේස පුටු ඇතුළු ඕනෑම පෘෂ්ඨයක් මත යෙදිය හැකිය.මෙම දියරය මගින් මුදල් පසුම්බි, ජංගම දුරකථන, පාසල් බෑග් ඇතුළු ඕනෑම මතුපිටක භාවිතා කිරීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටියි.

එක්වරක් පිස දැමූ පසු දින 90 ක කාලයක් මෙමගින් උපරිම ආරක්ෂාවක් සැලසෙන බවත් සියුම් කාර්යක්ෂමතාවකින් යුක්ත නිසා ඇඳුම් මතද සේදුම් වාර ගණනාවක් සදහා ක්‍රියාකාරී වන බවත් ඔහු කියා සිටියි.

දැනට ඇති විෂබීජ නාශක දියර යෙදූ අවස්ථාවේ පමණක් විෂබීජ නැසීමේ හැකියාව පැවතියද මෙම දියරය එහි රැඳී තිබෙන බැවින් රෙදි සේදිමේදි පවා ක්‍රියාකාරිත්වය අඩු නොවන බව හෙතම කියා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles