කොල්ලුරේ ඉවත්කිරීම වළකන වාරණය ජනවාරි 7 තෙක් යළි දීර්ඝ වෙයි

0
337

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා එම තනතුරෙන් ඉවත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ජනවාරි 7 තෙක් යළි දීර්ඝ කර තිබෙනවා.

මෙම නියෝගය සිදු කලේ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසිනි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පසුගිය ඔක්තෝබර් 24 වැනිදා වයඹ පලාත් ආණ්ඩුකාර ධුරයද හොබවන රාජා කොල්ලූරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළා.

එම තිරණය අභියෝගයට ලක්කරමින් රාජා කොල්ලූරේ මහතා විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here