Friday, September 20, 2024

කොවිඩ් ආසාදිතයන් සඳහා නිකුත් කළ නව මාර්ගෝපදේශ

ආසාදිතයින් සම්බන්ධයෙන් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව..
ආසාදිතයින් සම්බන්ධයෙන් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව.. ආසාදිතව නිවෙස්ගතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන පුද්ගලයින් දින 10 කින් පසු මුදාහැරිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

ආසාදිතයෙකු බවට පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණක් මගින් හඳුනාගත් දිනයේ සිට එම දින 10 ගණනය වනු ඇති.

සුළු රෝග ලක්ෂණවලින් මිදී ඇත්තම් හෝ පැය 48 ක කාලයක් උණ නොපවතින්නේ නම් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මර්ගෝපදේශවල දක්වා ඇත.

කෙසේවෙතත් ඉහත කාණ්ඩවලට අයත් නොවන අයෙකු ආසාදිතයෙකු බව හඳුනාගත් දිනයේ සිට දින 14 ක් නිවාසගතව හුදකලාව සිටිය යුතුයි.

ඔවුන්ට ද පැය 48 ක කාලයක් උණ නොපවතින්නේ නම් හෝ සුළු රෝග ලක්ෂණවලින් මිදී ඇත්නම් පිටවීම සඳහා ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ණයක් අවශ්‍ය නොවන බව නිර්දේශ කර ඇත.

සම්පුර්ණයෙන් එන්නත්කරණ කළ පසු සමීප ආශ්‍රිතයෙකු වන රෝහල් කර්ය මණ්ඩල හෝ රෝගීන් කළමනාකරණයේ යෙදී සිටින්නෙකු අඛණ්ඩව සේවයේ නිරත විය යුතු අතර ආශ්‍රීතයෙකු වී දින 3 කට 7 කට හා 10 කට පසු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරගත යුතු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තදින් අනුගමනය කළ යුතුයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, සම්පුර්ණයෙන් එන්නත්කරණය ලද සමීප ආශ්‍රිතයෙකු බවට පත් වූ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නෙකු නිවෙස් නිරෝධායනයෙන් දින 10 කට පසු ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණය නෙගටිව් නම් එම පුද්ගලයාට ද සේවයට වාර්තා කළ හැකි බවය.

ඉහත ඛාණ්ඩලට අයත් නොවන පුද්ගයින් දින 21 කට පසු නිරෝධානයෙන් මුදා හැරිය හැකියි බවත් ඊට යළි කිසිදු කොවීඩ් පරීක්ෂණයක් අවශ්‍ය නොමැති බවත් නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles