කොවිඩ් එන්නත නැත්නම් ‘පොදු ස්ථාන’ තහනම් ?

0
323

කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට බහුතරයේ යපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පුද්ගලයකුට තමන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීමේ අයිතිය තිබෙන්නාක් මෙන්ම ඔහුට සෙසු අයගේ ජීවිත අනතුරට පත්කිරීමට අයිතියක් නැති බව කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මුළු යුරෝපයේම පොදු ස්ථාන සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

Share Button

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here