Saturday, January 18, 2025

කොවිඩ් මරණවලින් සියයට 85කට හේතුව දිගුකාලීන රෝගාබාධ

කොවිඩ් ආසාදිතවීමෙන් මරණයට පත්වූවන්ගෙන් සියයට 85කටම කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්වයක් තිබී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කළ සමීක්‍ෂණයකදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශය අගෝස්තු මස 13 වැනිදා දක්වා වාර්තා කළ 6,985ක් වන කොවිඩ් මරණ අතරින් 6,709 කටම හේතුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හතිය වැනි රෝගී තත්වයන් බව ඔවුන් කළ සොයාබැලීමක දී තහවුරු වී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

එම සොයාබැලීමේ දී අගෝස්තු 13 වැනිදා තෙක් මරණයට පත්වූවන් අතරින් 2261 කට එනම් සියයට 53කට දියවැඩියා රෝගය, 2202කට එනම් සියයට 52කට අධික රුධිර පීඩනය, 1001 කට එනම් සියයට 24කට හෘදයවස්තුව හා සම්බන්ධ සංකූලතා, 800 කට එනම් සියයට 18 වකුගඩු ආබාධ, 445 එනම් සියයට 10කට හතිය යන රෝගයන්ට අදාළ සංකූලතා තිබී ඇති බව හෙළි වී තිබෙන බව ද රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.

වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles