Friday, September 20, 2024

කොවිඩ් මරණ වළකන්න එන්නතක් ගත යුතුමයි

වයස අවුරුදු 50 ට වැඩි සයිනොෆාම් එන්නත ලබා නො ගත් පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1 ගුණයකින් වැඩි බව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කලේ ෆයිසර්, ඇස්ට්‍රා-සෙනෙකා සහ ස්පුට්නික් යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවයි.

සයිනොෆාම්, ෆයිසර්, ඇස්ට්‍රා-සෙනෙකා සහ ස්පුට්නික් යන එන්නත් වර්ගවල සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමින් ඇය නිකුත් කල ට්විටර් සටහනක මේ බව දැක්වෙනවා.

මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදයට පෙර සහ පසු කාල සීමාව තුළ එන්නත් නො කළ පුද්ගලයින් හා සසඳන විට එන්නත් හතරේ ම ප්‍රතිඵල මෙම මරණ අඩු කර ගැනීමට ඵලදායී වී ඇතැයි නිරීක්ෂණය වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles