ගත වු දින 10 ඇතුළත මෙරටින් කොවිඩ් -19 ආසාදිත මරණ 531ක් වාර්තා වී තිබේ.
පසුගිය 16 වනදා සිට 25 වනදා දක්වා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද දෛනික කොවිඩ් මරණ වාර්තාවන්ට අනුව මෙය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතී.
මෙම කාලය තුළ මෙහිදී කාන්තාවන් 229 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 302ක් කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇත.
වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 9 දෙනෙකු ද මියගොස් තිබේ.
වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 103දෙනෙකු සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 419 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව පසුගිය 21 වනදා කොවිඩ් ආසාදිත මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ අතර එය මෙරට එක්දිනක් තුළ තහවුරු කරන ලද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව විය.
මේ අතර ගතවූ පැය 24ක කාලසීමාව තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මේ දක්වා අදාළ රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44,216කි.