Saturday, September 21, 2024

කොවිඩ් මැද ලංකාව ඉතිහාසයේ ඉහළ ම අපනයන ආදායම උපයයි…! ජුලි මස අපනයන ආදායම ඩොලර් බිලියනයඉක්මවයි…!

2021 ජුලි මාසය තුළ ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්ම වූ අපනයන ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව ජුලි මස ඩොලර් මිලියන 1,099.41 ක අපනයන ආදායමක් වාර්තා කර ඇත.

එය මෙතෙක් ඉතිහාසයේ මාසයක් තුළ ඉපයූ වැඩි ම අපනයන ආදායම වන අතර 2020 ජුලි මාස ඩොලර් මිලියන 1,085ක ආදායම ද ඉක්මවා යාමකි. 2021 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව අවසන් වරට ඩොලර් බිලියනයක අපනයන සීමාව පසු කළේය.

මේ අනුව 2021 මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 6,661.13 කි. මෙය 2020 වසරේ මුල් මාස 07 අපනයන ආදායම වන ඩොලර් මිලියන 5,452.53ට වඩා 22.17% ක ඉහළ යාමක් වේ.

වැඩි ම අපනයන ආදායම ඇඟලුම් අංශයෙන් ලැබී ඇති අතර එය ඩොලර් මිලියන 452.55 ක් වේ. එසේම තේ (ඩො.මි. 115.13), රබර් ආශ්‍රිත නිෂ්පාදන (ඩො.මි. 96.65) හා පොල් ආශ්‍රිත නිෂ්පාදන (ඩො.මි. 76.67) මෙම අපනයන ආදායම සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇත

Emanisa.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles