Sunday, September 22, 2024

කොවිඩ් සඳහා කිසිම ඖෂධයක් නෑ.එකම විසඳුම සංකූලතා අවම කරන එන්නත පමණයි!

කොවිඩ් 19  වයිරසය මර්දනය කිරීම සදහා ලොව මෙතෙක්   කිසිම ඖෂධයක් සොයා ගෙන නොමැති නමුත්මේ වන විටත් ලොව පුරා භාවිත කරන එකම විසඳුම වන්නේ එන්නත්කරණය පමණක් යැයි  කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ පිලිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති   සඳහන් කරයි.

ඔබ එන්නත් මාත්‍රා අනිවාර්යයෙන්ම ලබාගැනීමටත් කටයුතු කළ යුතුවා මෙන්ම සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම අනිවාර්ය විය යුතු යැයිද ඇය අවධාරණය කරයි. 

එන්නත ලබා ගැනීම මගින් කොවිඩ් රෝගය හේතුවෙන් ඇතිවන සංකූලතාවන් අවම කර ගැනීම හා මරණ හැකි පමණ අවම කර ගත හැකි වනු ඇතැයි ඇය අවාධාරණය කරයි 

කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණයක් ලෙස උණ හට ගන්නා බැවින් උණ අඩුකර ගැනිමට පැරසිටමෝල් හැරුණු කොට වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකරන්නැයිද දරුවන්ට පැරසිටමෝල් ලබා දෙන්නේ නම් බරට අනුව නියමිත මාත්‍රවෙන් ලබා දිය යුතු යැයි ඇය පෙන්වාදේ.

Lankasara

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles