කොවිඩි සුව වෙන්න පැණි බෙදූ ධම්මිකගේ බාල සහෝදරයෙක් කොවිඩ්
වැළඳී මරුට

0
618

කොවිඩ් 19 සඳහා දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි පසු ගිය කාලයේ ප්‍රසිද්ධියට පත්ව සිටි කෑගල්ලේ, උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙි.

ඔහු කෑගල්ල පොලිස් වසමේ, හෙට්ටිමුල්ල, මාකූර, ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බණ්ඩා නමැති 58 හැවිරිදි විවාහක තිදරු පියෙකි.

පිළිකාවකට රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපික් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙි. ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහනාගාරයේ දී කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here