Monday, May 6, 2024

රුසියාව අඩියක් පස්සට ගනී. යුක්‍රේන දේශසීමාවේ රඳවා ඇති හමුදාවෙන් කොටසක් ඉවත් කෙරෙයි

රුසියානු – යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද (15) දිනයේදි නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක රුපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති හමුදා සේනාංක වෙත පිටත් වන බවයි.

“දකුණු සහ බටහිර හමුදා දිස්ත‍්‍රික්කවල සිටින හමුදා භට‍ෙන් ඒ ගොල්ලන්ගේ රාජකාරි අවසන් වී ඇති නිසා දුම්රිය සහ වාහන මගින් අද දින තමන් අයිති හමුදා කඳවුර වෙත පිටත් වීම ආරම්භ කරනවා,දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස ඒ විදිහට ම පවත්වා ගෙන යනවා යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති සේනාංකය වෙත පිටත් වේවි.”

ඒ අනුව යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇති බව විදෙස් වාර්තා කියයි.

කෙසේවෙතත් දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස අඛණ්ඩව පවත්වාගෙන යන බවද රුසියාව කියාසිටියා.

රුසියානු – යුක්රේන ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකින් අවසන්වනු ඇති බවට මෙය සුබ ලකුණක් විය හැකි බව විචාරකයන් පෙන්වා දෙයි.

ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අවදානම යම් තරමකට පහව යනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles