Monday, September 23, 2024

කොළඹ – කුරුණෑගල අධිවේගී මාර්ගයේ බස් රථ ධාවන කටයුතු අද සිට

කොළඹ – කුරුණෑගල අධිවේගී මාර්ගයේ බස් රථ ධාවන කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ වූ බවත්, ඒ අනුව උදෑසන 5.00 සිට සවස 6.00 දක්වා එම මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතු සිදුවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට සමගාමීව ඉදිරි දිනවල මහනුවර – කොළඹ, මාතලේ – කොළඹ හා ඒ අවට නගරවල සිට කොළඹට පැමිණෙන සුඛෝපභෝගී බස් රථවලටත් කුරුණෑගල සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

කුරුණෑගල, කොළඹ අතර ධාවනය කටයුතු සඳහා සුඛෝපභෝගී බස් රථවලට අවස්ථාව ලබාදී තිබෙන බවත්, මේ අනුව ටිකට් පතක මිල රුපියල් 390 ක් බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

කොළඹ කුරුණෑගල අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසලින් ගමන් ආරම්භ කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 තුළවාහන 50,000ක් ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ 100ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

16 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 17 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039 ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර, එය මෙම දින තුන තුළ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව එය වේ. එදින රුපියල් 4,865,500ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles