Friday, May 3, 2024

Legands Leauge පළමු ජයIndia Maharajas කණ්ඩායමට

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් Legends League ක්‍රිකට් තරගාලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට India Maharajas කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ Asia Lions කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියා මහරාජස් පිල පළමුව පන්දුවට පහරදීමට ඒෂියන් ලයන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඒෂියන් ලයන්ස් කණ්ඩායම සියල පන්දුවාර 20 තුළ ලකුණු 175ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී උපුල් තරංග පන්දු 46කදී ලකුණු 66ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් රැස් කළේ ලකුණු 5ක් පමණයි.

උපුල් තරංග පන්දු 46කින් ලකුණු 66ක් ලබා ගනිමින් ආසියානු ඉනිම ශක්තිමත් කළා.

නායක මිස්බා උල් හක් නොදැවී ලකුණු 44(30) ක් ලබා ගත්තා.

ඒෂියන් ලයන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මිස්බා උල්හක් ලකුණු 44ක් රැස්කළේ පන්දු 30කට මුහුණ දෙමින්.
පන්දු යැවීමේ දී මන්ප්‍රීත් ගෝනි කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය මහරාජාස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපිරි පිතිහරඹයක නිරත වූ යුසුෆ් පතාන් පන්දු 40කින් වේගවත් ලකුණු 80 ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

නායක මොහොමඩ් කයිෆ් නොදැවී ලකුණු 42යි.

පන්දු යැවීමේ දී ෂොයිබ් අක්තාර් හා උමාර් ගුල් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

නුවන් කුලසේකර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 42ක් රැස් කළ අතර, මුත්තයියා මුරලිදරන් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 32ක්.



ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියා මහරාජස් කණ්ඩායමේ මුල් 02ක ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඒෂියන් ලයන්ස් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් පිටියේ ස්ථාවර වූ යූසොෆ් පතාන් සහ නායක මොහොමඩ් කයිෆ් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට කටයුතු කළා.


එහිදී යූසොෆ් පතාන් පන්දු 40කට මුහුණ දෙමින් ලකුණු 80ක් රැස්කළ අතර ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී ඔහු දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට ඒෂියන් ලයන්ස් ක්‍රීඩකයින්ට හැකි වුණා.
කෙසේ වෙතත් පතාන්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි යූසොෆ් පතාන්ගේ සොහොයුරු ඉර්ෆාන් පතාන් පන්දු 10කදී ලකුණු 21ක් රැස්කරමින් දෙපිළටම විවෘතව තිබූ තරගයේ ජය ඉන්දියාව දෙසට හරවා ගත්තා.
ඒ අනුව පන්දුඅවර 19යි එක පන්දුවක් තුල කඩුලු 04ක් දැවී තිබිය දී අදාල ඉලක්කය පසුකර යාමට ඉන්දියා මහරාජස් කණ්ඩායමට හැකියාව ලැබුණා.
තරගාවලියේ දෙවන තරගය ලෙස ඒෂියන් ලයන්ස් සහ වර්ල්ඩ්ස් ජයන්ට්ස් අතර තරගය අද (22) පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles