කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටිය අසල පිහිටි මැක්ඩොන්ලඩ්ස් අවන්හල තුළ අද (20) අලුයම 5.30ට පමණ සිදුවු පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය වාර්තා කරයි.
පැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
කොළඹ තුරඟ තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි ප්‍රධාන පෙලේ ආහාර සැකසූම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක අද අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබේ.
පිපිරීම හෝ ගින්න හේතුවෙන් කිසිවෙකු තුවාල ලැබීමක් හෝ මිය යාමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය . තවද පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදු වන්නට ඇති බවට දැනට සැක පළ කරන බවයි.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටත් තොරතුරු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකෙරෙන බවත් පිපිරීම හේතුවෙන් කිසිවෙකු තුවාල ලැබීමක් හෝ ජීවිතක්ෂයට පත්වීමක් වාර්තා නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම හෝටල් පරිශ්‍රයේ සිදුවූ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම හටගන්නට ඇති බවට දැනට සැක කෙරෙනවා. ඉන් අනතුරුව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය හා පොලිස් ගිනි නිවීමේ ඒකකය කටයුතු කර තිබෙනවා.
රජයේ රස පරීක්ෂක මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිත අතර ඒ වගේම කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙි.








