කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපදේශක සේවා සපයන මුවාවෙන් කෝටි ගණං මුදල් කසාකමින් විශ්ව විද්‍යාල පද්ධතිය දූෂිත කරන අපූරු ආචාර්යවරයා කවුද?

0
1224


රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලින් එළිපිට උල්ලංඝණය කරමින්, තමන් හා තම හිතැති සේවාදායකයන්යේ අභිමතය පරිදි ප්‍රසම්පාදන රීති නවමින් කෝටි ගණනින් මුදල් උපයන කොළඹ විශ්වවිද්‍යාලය මහාචාර්යවරයා පිළිබද යම් දිනවල දසත කතාබහට ලක්වෙමින් පවතී.


මේ මහාචාර්යවරයා ඔහුගේ දූෂණ ක්‍රියාවලියට අනුබලයක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරෙයකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ ප්‍රධාන අරමුණ වනුයෛ් තම හිතවත් සැපයුම්කරුවන් හා සම්බන්ධ රජයේ ආයතන වල උපදේශකයෙක් ලෙස පෙනී සිටිමින් හෝ තම හිතවත් අය උපදේශකයන් ලෙස යොදාගනිමින් හිතවත් ආයතන වලින් මුදල් ගසා කෑමයි.

මෙම මුදල් සාක්කුවට සීමා කරගැනීමට තරම් අධ්‍යාපන සමූපාකාර සමිතියේ මෘදුකාංග උපදේශන සේවා සැපයීම මගින් මිලියන 10ක වංචාවක් සිදුකර ඇත. මෙම ටෙන්ඩරය අයථා ලෙස තම හිතවත් ආයතනයකට ලබා දීමට යාමේදී ඊට විරුද්ධ වූ ප්‍රසම්පාදන කමිටුව අවසානයේ කොළඹ විශ්ව විද්‍යාලය වෙනුවට වෙනුවෙට වෙනත් විශ්ව විද්‍යාලයක උපදේශක සේවා ලබා දී ඇත. මේ ගනුදෙනුව තුළින් සාක්කුවට මිලියන 7 ක් සාක්කුවට දමාගෙන ඇති බව වාර්තා වේ.

තවද පසුගිය රජය සමයේ තම පාසල හා හිටපු ක්‍රිකට් නායකයෙකුගේ නම විකුණා ඔහුගේ අමාත්‍යංශයේ ඩීල් රැසකට සම්බන්ධ වී ඩිජිටල් අමාත්‍යංශය හරහා බඩ පුරවාගත් මොහු පසුව වියත් මග ට සම්බන්ධ විය. මහා වියතෙකු බව හගවමින් තම දේශපාලන හෙන්චයියන් ලවා අමාත්‍යංශ ලේකම් ධුරයකට මේ දිනවල ඔහු කත් අදින්නේ මහා පරිමාණ ගසාකෑමකට විය හැකිය.






LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here