කොළඹ 70,000 ක්‌ ඡන්ද නාමලේඛනයේ නෑ

0
308

කුලී හා බදු පදනම් මත කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිටින පුද්ගලයන් හැත්තෑදහසක්‌ පමණ ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

කුලී හෝ බදු පදනම මත පදිංචි වී සිටින පුද්ගලයන්ට ද ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වීමට හැකි නමුත් නොදැනුවත්කම හෝ නිවෙස්‌ අයිතිකරුවන්ගේ අකමැත්ත මත මොවුනට ලියාපදිංචිය අහිමි වී ඇති බවද හෙතෙම කීය.

ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වූ පමණින් කුලී නිවැසියන්ට නිවෙසේ හිමිකම් පෑමට නොහැකි බවද නිවෙස්‌වල නියම හිමිකරුවන්ගේ අයිතියට බාධාවක්‌ නොවන බවද හෙතෙම කීය.

මෙවර ඡන්ද නාම ලේඛන ලියාපදිංචියේදී කුලී හා බදු පදනම මත නිවෙස්‌වල පදිංචි වූවන් ලියාපදිංචිය ද විශේෂ අවධානයක්‌ යොමු කර සිදු කරන බවද සභාපතිවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here