Sunday, May 5, 2024

බ්‍රිතාන්‍ය සමග වෙනම ගිවිසුමක් -අගමැති

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම අවම කරගැනීම සඳහා  ඉදිරියේදී බ්‍රිතාන්‍ය සමග වෙනම ගිවිසුමක් ඇති කරගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  ගාල්ල නගර ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය

යුරෝපා සංගමය ලෝකයේ තිබෙන තනි විශාලතම වෙළෙඳ පොළයි. චීනය, ඉන්දියාව, ජපානය මෙන්ම ශ්‍රී ලංකාව පැවසුයේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතු බවයි. එම වෙළෙඳ පොළට අපේ අපනයනයෙන් 40% ක් පමණ යනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු එහි ආර්ථික අහේනියක් ඇති වුවහොත් බ්‍රිතාන්‍යයට ටී ෂර්ට් ආදී නිෂ්පාදන අපනයනය කරන අපේ ගම්වල කර්මාන්තශාලාවලටත් පහරවදිනවා. එම නිසා අප ඊට විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ තීරණයෙන් අපට තදබල හානියක් නොවන අයුරින් ක්‍රියා කළ යුතුයි. අප යුරෝපා සංගමයට ජී.එස්.පී. ප්ලස් ඉල්ලූම් පත්‍රය භාරදුන් විට එම සහනය හැකි ඉක්මනින් ලබාගැනීමට ක්‍රියා කරනවා. එක්සත් රාජධානිය සමග වෙනම ගිවිසුමක් ඇති කර ගන්න අප බලාපොරොත්තු වනවා. එම ගිවිසුම ඇති කරන්නේ කෙසේද යන්න අපට තවම හරියට කියන්න බැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles