Sunday, May 5, 2024

විරුසර දෙවැනි අදියර අද

 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විරුසර වරප්‍රසාද වැඩසටහනේ දෙවැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්අද (27දා) දින පොළොන්නරුව,හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීපැවැත්වීමට නියමිතය.

විරුසර වරප්‍රසාද වැඩසටහන සඳහා මේ වනවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් ආයතන 55ක් පමණ දායකවී ඇති අතර, ඉතිහාසයේ පළමු වරට රණවිරු සුභසාධනය සඳහා පෞද්ගලික අංශය මෙවැනි ආකාරයෙන් සම්බන්ධ වන බව ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට රාජ්‍ය ආයතනවල සේවාවන් ලබාගැනීමේදී ප්‍රමුඛතාව හිමිවන අතර, පෞද්ගලික අංශයට අයත් ආයතනවලින් සේවා ලබාගැනීමේදී විශේෂ වරප්‍රසාද හිමිවේ. සමාජීය සහ ආර්ථික වශයෙන් ප්‍රතිලාභ හිමිවන විරුසර පළමු අදියර ජනවාරි මස 25  වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles