කෝටි 1500ක පිරමිඩ වංචා කළ චීන්නු හිරේ…!

0
470

‘ස්පෝට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (13) නියෝග කළේය.

මෙම සැකකරුවන් පෙරේදා (12) රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ්‍යට දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චීන ජාතික වයස අවුරුදු 35ක පිරිමි අයකු සහ 25 කාන්තාවකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here