කෝප් වාර්තාවේ කරුණු 5ක් ත්‍රිපුද්ගල කමිටුවකට

0
336

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය හා සම්බන්ධ කෝප් කමිටු වාර්තාව පිළිබඳ නීතිමය පියවර ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුව කරුණු පහක් ඔස්සේ අධ්‍යයනය කරගෙන යන බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ‘දිනමිණ’ට පැවැසීය.

බැඳුම්කර නිකුතුව නිසා නිකුත් කර තිබෙන බැඳුම්කර පිළිබඳ නීතිමය ගැටලු මතු වී තිබේද? ඒ සඳහා යොදාගත් ක්‍රමවේද මොනවාද? රජයට මහ බැංකුවට මේ නිසා අලාභයක් සිදු වී තිබේද?

නිලධාරීන් හෝ පෞද්ගලික අංශයෙන් යම් අපරාධමය වගකීමකට භාජනය වන හැසිරීමක් සිදුවී තිබේද? නීතිමය පියවර ගත හැකි යම් නීතිමය ගැටලු මතුවී තිබේද? නමැති කාරණා පහ ඔස්සේ අධ්‍යයනය සිදුකරගෙන යන බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කෝප් වාර්තාව සහ විගණන වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙනි.

මේ වාර්තාවට අදාළ ඇමුනුම් විසි ගණනක් පමණ තිබේ. එයින් ඇමුනුම් භාගයක් පමණ ලැබී ඇති අතර, ඉතිරි ඇමුනුම් ලබාගැනීම අවශ්‍යතාවකි.

ඊට අමතරව පිරිසක් ප්‍රකාශ ලබා දී තිබෙන අතර ඒවායේ පිටපත් ලබාගැනීම හෝ එසේ නැතිනම් එම ප්‍රකාශවල පිටපත් පරීක්ෂා කිරීමටත් අවශ්‍යව ඇත. එබැවින් ලැබිය යුතු ඇමුනුම් සහ ප්‍රකාශ පිටපත් ලබාගැනීමට කතානායකවරයාගේ අවසරය ලබා ගැනීමට නීතිපතිවරයා ඉදිරියේ දී පියවර ගනු ලැබේ.

නීතිපතිවරයා විසින් පත් කර තිබෙන නීති විශාරදයන් තිදෙනකුගෙන් සැදුම්ලත් කමිටුවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු රජයේ නීතිඥවරයකු අයත් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here