Thursday, January 23, 2025

කෝමාරිකා වවන්න අවුරා ලංකා සමාගමට අක්කර 66ක් දීමට අනුමැතිය

කෝමාරිකා වගාව සඳහා අවුරා ලංකා හර්බල් සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 66ක ප්‍රමාණයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනුයි. මෙහි මුල් අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සිදු කිරීමට ආයෝජකවන් කැමැත්ත පළ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ කොමාකරිකා භාවිතා කර අධි ශක්තිජනක පානයන්, ඖශධිය පෙති, ආලේපන, ආශ්වාස කැප්සුයුල්, හිසගල්වන තෙල්, යන නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂා කරයි. වියපෘතියේ සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 300ක් යෙදවීමට ආයෝජකයා සැලසුම් කර ඇත. මේ යටතේ පැළ තවාන් ඇති කිරීමට රාජාංගනය සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයන්හි පිහිටි අක්කර 2000ක් සහ පැල වගා කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 102,000ක් යොදා ගැනීමට අපේක්ෂා කරයි.

ඒ සඳහා දීමනා පත්‍ර සහ බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විදින පවුල්ද සහභාගිකරව ගැනීමට යෝජිතය. ඒ අනුව එම වියපෘතියේ කර්මාන්තශාලා හා මෙහෙයුම් කාර්යාල පරිශ්‍රය ඉදිකර පවත්වාගෙන යාමටත් ගබඩා හා මෙහෙයුම් කටයුතු සඳහාත් අක්කර 66කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් ආඥා පනත යටතේ විධිවිධාන පරිදි වසර 30ක දීර්ඝ කාලින බදු පදනම මත එම සමාගම වෙත ලබා දීම පිණිස මුදල් ඇමති සහ ඔදම් ඇමති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles