Sunday, May 19, 2024

මුදල් විශුද්ධි විමර්ශනයකට අදාළව ජැකලින් පොලීසියට

ඉන්දියාවේ සෝකේෂ් චන්ද්‍රසේකර යන අය සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා සම්භවය සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඇය ඉන්දීය පොලිස් මූලස්ථානය ඇයව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ කැඳවා ඇත. කෝටි ගණනක කප්පම් ගැනීමේ ජාවාරමක චූදිතයෙකු වන චන්ද්‍රසේකර සම්බන්ධ ආන්දෝලනයක් මෙම දිනවල ඉන්දියාවේ පවතින අතර ඊට එරෙහිව සිදු කෙරෙන මුදල් විශුද්ධිකරණ විමර්ශනය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්ණ කිරීම සිදුව ඇත.

සෝකේෂ් චන්ද්‍රසේකරට අයත් නිවාසයක් ලබාගැනීමට ජැක්ලින් සිය පෙම්වතා සමග සම්බන්ධවී සිටීම හා ඇතැම් මුදල් ගනුදෙනු ඇගේ හා ඔහුගේ බැංකු ගිණුම් අතර පැවතීම මෙම ප්‍රශ්න කිරීමට හේතුව බව මෙම මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.

පසුගිය සතියේ චන්ද්‍රසේකරගේ පරිශ්‍රයන් කිහිපයක් වටලන්නට පොලිසිය කටයුතු කර තිබුණි. චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාවක්, රුපියල් ලක්ෂ 82.5 ක මුදල් සහ සුඛෝපභෝගී කාර් දුසිමකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වංචා කිරීම සහ කප්පම් ගැනීම යන චෝදනා යටතේ දිල්ලි පොලිසිය විසින් ඔහුට එරෙහිව විමර්ශන සිදු කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles