ගමන් බලපත්‍රයට මයික්‍රෝ චිපයක් එක් වෙයි

0
615

ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර නව ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ බියගම පිහිටි තෝමස් ඩි ලාරූ ආයතනයේදී මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම ගමන් බලපත්‍රය සඳහා මයික්‍රෝ චිපයක්ද ඇතුළත් කෙරේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) බියගම නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඩි ලාරූ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස්  ඩොරිස් යන මහත්වරු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here