ගම්මන්පිලට පාර්ලිමේන්තු යෑමත් තහනම් වෙයි..

0
313

පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අද (21) සිට ඉදිරි දින හතර තුළ පාර්ලිමෙන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවසර දෙන ලෙස ඒ මහතා වෙනුවෙන් නීතිඥ මහතකු මගින් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කර තිබුණා.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රෙලියානු සමාගමක බ්‍රයන් ෂෙඩික් නැමැති විදේශීකයාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් වංචා කල බවට චෝදනා මත ගම්මන්පිල මහතා ජුලි 01 දා දක්වා රක්ෂිතභාර ගත කර තිබුණා.

එසේම මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව මගින් වසර 2009.06.05 වනදා නිකුත් කළ අංක 320 චක්‍රෙලේකයට අනුව සෘජු නියෝගයක් නිකුත් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළ අතර එය බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානයට යොමු කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ දිනේෂ් දොම්ගොඩ මහතාට දන්වා සිට ඇත.

එසේම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අයෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දීම සහ වෛද්‍ය හේතුන් මත වෛද්‍යවරයාට යොමු කිරීමට අධිකරණයට හැකි බවත් වෙනත් ස්ථානවලට ගෙන යාමේදී බන්ධනාගාර අධිකාරිවරයාගේ අභිමතය පරිදි ක්‍රියා කල යුතු බව මහේස්ත්‍රාත්වරිය පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here