Sunday, May 5, 2024

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන්-ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රණවීර හෙට රහස්‌ පොලිසිය හමුවට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි එම්. එල්. රණවීර මහතාට හෙට (22 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

මෙම ඝාතනය සිදුවූ කාල සීමාවේ රණවීර මහතා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ (සීසීඩී) අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි කළේය. මෙම පරීක්‍ෂණ කටයුතු නිසි ආකාරයට සිදු නොකළ බවට රණවීර මහතාටද චෝදනා එල්ලවී තිබේ.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් එවකට විමර්ශන කටයුතු සිදුවූයේ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පූර්ණ අධීක්‍ෂණය යටතේය.

දැනට අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ලෙස රාජකාරි කරන රණවීර මහතා හෙට දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ පරීක්‍ෂණ කටයුතු යට ගැසීමේ චෝදනාව මත බස්‌නාහිර පළාත භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපති සුමිත් පෙරේරා මහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles