ගල්කිස්සේ දැරිය අලෙවි කිරීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවි 04ක් තහනම් කිරීමට අධිකරණ නියෝගයක්..

0
298

  ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවි 04ක් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බලමින්ය.

අදාළ නියෝගය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here