Tuesday, September 24, 2024

ගල් අඟුරු මාෆියාව බින්දේ මායි – ඇමැති පාඨලී

රටේපැවති ගල් අඟුරු මාෆියාව බිඳ දැමුවේ තමා විසින් බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ජාතික හෙළ උරුමය විසින් රත්නපුරයේ සංවිධාන කර තිබූ ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කවුද තෙල් මිල අඩුකළේ ? තෙල් වලින් ගහන සහගහන බදු අයින් කළේ මමයි. එදා ඒ බලශක්ති ඇමති විදිහට තෙල් මිල අඩුකරලා රාජපක්ෂගේ බදු බරෙන් මේ රටේ ජනතාව නිදහස් කළේ මම.

මේ මෑතදී විශාල හා හූවක් ඇති කළා මේ ගල්අඟුරු ප්‍රශ්ණයක් තියෙනවා කියලා. මේ රටේ 2009 තමයි පළවෙනි ගල්අඟුරු ටෙන්ඩරය දුන්නේ. ඒදා ඒ ටෙන්ඩරය දුන්නේ වැරදි විදිහට. අන්න ඒවානම් වංචා වෙලා තියෙනවා. අපි මොකද කළේ ? ඒ තනි සමාගමකට යන ඒ ක්‍රියාවලිය බිඳදැම්මා. ප්‍රකෝටිගානක් අද ඛණිජ තෙල් සංස්ථාවට ලාබයි.

අපිට අද ගහන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ ලාබය ගන්න බෑ කාටවත්. මාෆියාව බින්දේ අපි . ගල් ලෙන බිඳලා අපි නිකන් ජනතා විමුක්ති පෙරමුණයි , වාසුදේවයි වගේ කට වාචාලකමට කියෝ කියෝ ඉන්නේ නැහැ”.

මේ අතර ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ඉකුත්දා ත‍්‍රිපුද්ගල කමිටුවක් ද පත්කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles