ගලේවෙල ගුරුවරුන්ට පාටි දාන්න ළමයිගෙන් 2000 අරන්

0
798
ගලේවෙල කලාපයේ පාසල්වලට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබීමත් සමඟම ඇතැම් ප්‍රාථමික පාසල්වල විවිධ උත්සව සඳහා යැයි කියමින් සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇති බව පාසල් ආරංචිමාර්ග පවසයි.
ඇතැම් විදුහල්පතිවරුන් මව්පියන් ඉදිරියට දමා මෙම ක්‍රියාවලියේ යෙදෙන බව පවසයි. ගුරුවරුන් සඳහා සාද පවත්වා ඔවුන්ට තෑගිබෝග ලබාදීම හා සමූහ ඡායාරූප ලබාදීමටත් යැයි පවසමින් ශිෂ්‍යත්ව සමත් සිසුන්ගෙන් මෙම මුදල් එකතු කරන බව වාර්තාවේ.ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලක එක් සිසුවෙකුගෙන් රුපියල් 2,000 බැගින් මේ සඳහා අයකර පසුගිය 11 වැනිදා මෙවැනි සාදයක් පැවැත්වූ බව වාර්තාවේ. මෙම මුදල් එකතු කිරීම පසුපස විවිධ අක්‍රමිකතා සිදුවෙන බව මවිපියෝ චෝදනා කරති. ඇතැම් මවුපියෝ එ් සඳහා අකමැත්තෙන් හෝ ණය තුරුසුවී මුදල් ලබා දී ඇත්තේ තම දරුවන්ට අනාගතයේදී කෙනෙහෙලිකම් සිදු වේ යැයි උපකල්පනය කිරිම නිසා බව මේ පිළිබඳව අදහස් දැක්වූ මව්පියෝ කිහිපදෙනෙක් පැවසූහ.
මේ පිළිබඳව ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවායÓ.විද්‍යාලයේ සිසුන්ගෙන් මුදල් එකතු කරද්දී එ් සඳහා රිසිටිපතක් නිකුත් කළ යුතුයි.අනික ශිෂ්‍යත්වය සමත් වු පසු ඡායාරූප ගැනීම,සාද පැවැත්වීම තෑගි බෝග ලබාදීම සඳහා සිසුන් හා මවුපියන්ගෙන් මුදල්එකතු නොකරන ලෙසට විදුහල්පතිවරුන්ට මම උපදෙස් ලබා දී තිබෙනවා. පාසලක් තුළ මවුපියන් විසින් මුදල් එකතු කිරීමත් විදුහල්පතිවරයා නොදැනගෙන සිදුවිය නොහැකියි. එ් නිසා මින් ඉදිරියට එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් දැඩි විනය පියවර ගන්නවා යැයි පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here