Saturday, May 4, 2024

මවගේ කැමැත්ත පරිදි බාලවයස්‌ දැරිය කෙළෙසූ තරුණයා

වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියකට දැරියගේ මවගේ කැමැත්ත මත රැගෙන ගොස්‌ දූෂණය කරන ලද 19 හැවිරිදි තරුණයකු සහ එම දැරිය මහවැව පහළකුඩාවැව සුසාන මාවතේ නිවසක සිsටියදී පසුගියදා හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරීක්‍ෂාව සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර දැරියගේ ආච්චි අම්මා යන අයගේ භාරයේ නේවාසිකව ගත කර ඇත.
පසුගිය මැයි මාසයේ 05 දින හලාවත නැගෙනහිර කරවිටාගාර වසමේ ග්‍රාම නිලධාරිනිය වන අබේගොඩ ලියනගේ හර්ෂනී කුමාරි (35) මහත්මිය – හලාවත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.
තම වසමේ වයස අවුරුදු 12 ක පාසල් දැරියක්‌ ඇයගේ මවගේ කැමැත්ත මත පිරිමි ළමයකු සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන බවත් ඔහු ඇයගේ නිවසට යන එන බවත් දැරියගේ මව දැරියව නිසි ආකාරයෙන් බලා නොගන්නා බවත් දැරියගේ පියා මියගොස්‌ ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.
මේ පිළිබඳව පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විමර්ශන කිරීමට යොදවා සිටියදී 05 දින උදේ 9.30 ට පමණ දැරියගේ මව සිය දියණියව 19 හැවිරිදි තරුණයාගේ ග්‍රහණයට පොළඹවා ඇත.
දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇයගේ දියණියව ලිංගික අපයෝජනය කිරීමට අනුබල දීමේ වරදට හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත. පසුව ඇයව ඇපමත මුදාහැර තිබේ.
එම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී සැප්තැම්බර් මස 09 දින ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක කුමාරි යන අයට ලද තොරතුරක්‌ මත සැකකරු හා දැරිය මහවැව කුඩාවැව සුසාන මාවත ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපරාධයට අදාළ ස්‌ත්‍රී දූෂණය මහබාගේ පොලිස්‌ වසමේ සිදුව ඇත. ඒ හෙයින් එහි නිරීක්‍ෂණ කටයුතු කිරීමට මහබාගේ පොලිසියට දැනුම් දෙන ලද බව හලාවත මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක වසන්ත හේරත් මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles