ගහක් කැපුවොත් පැලයක් රෝපණය කළ යුතුයි – අදින් පසුව ගස් කපන්න අලුත් නීතියක් පනවයි

0
538

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් අනතුරුව එම බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් එම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව දැව හෙළීම් බලපත්‍ර නිකුත් කරන ශාක වර්ගයම රෝපණය කිරීමට නොහැකිනම් ඊට සමාන වන ආකාරයේ වෙනත් ශාක විශේෂයක් රෝපණය කිරීම සදහා උපදෙස් ලබාදිය යුතු බව එම චක්‍රලේඛයෙන් සදහන් කර තිබේ.

එමෙන්ම දැව හෙලීම් බලපත්‍රය හිමි ඉඩමේ අයිතිකරුවන් විසින් පැල රෝපණය කළ යුතු අතර, ව්‍යාපාරිකයෙකු වෙත බලපත්‍ර නිකුත් කිරීමේදී එම ව්‍යාපාරිකයා විසින් බලපත්‍රයට ගෙවන මිලට අමතරව රෝපණයට සුදුසු ශාක විශේෂ ඉඩම් හිමියා වෙත ලබාදීම සිදුකළ යුතු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here