Friday, September 27, 2024

ගැබිණි මව්වරුන් 19 ක් කොවිඩ් වලින් මරුට – 700 ක් රෝහල් වල

ගැබිණි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ වනවිට කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සහ පසු ප්‍රසව මව්වරුන් 700 ක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

අගෝස්තු මස 24 වැනිදා සිට 31 වැනිදා දක්වා සතිය ගැබිණි කාන්තාවන්ට දීප ව්‍යාප්තව කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රචිත් ද සිල්වා මහතා සඳහන් කළේය.

එක් එන්නතක් ලබාගත්තත් ගර්භණි කාන්තාවන්ට සංකූලතා පෙන්වා නොමැති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රචිත් ද සිල්වා මහතා සඳහන් කළේය.
 
මේ අතර, ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000 ක පමණ පිරිසක් කොවිඩ් වයිරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles