ගෑස් සමාගම් පාරිභෝගිකයාාට වන්දි ගෙවිය යුතු බවට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි

0
431

ගෑස් සිලින්ඩර ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ගෑස් සමාගම්වලින් පාරිභෝගිකයාට වන්දි ගෙවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (17) නිර්දේශ කළේය.  

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම නිර්දේශය කළේ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන සහ  ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කළ පැමිණිලි දෙකක් ඊයේ (17) දෙවැනි දිනටත් කැඳවූ අවස්ථාවේ දී ය.

මෙහිදී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් MediaLK.com සංස්කාරක තරිඳු ජයවර්ධන, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඇතුළු පිරිසක් නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ ප්‍රබෝධ රත්නායක සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියහ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තෙෂාර ජයසිංහ සහ ඔහුගේ ලේකම්වරයකු ලිට්‍රෝ සමාගම වෙනුවෙන් පැමිණ සිටි අතර ලාෆ් ගෑස් සමාගම, ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ කාර්මික තාක්ෂණ ආයතන නියෝජනය කරමින් ඒ්වායේ නිලධාරීහු පිරිසක් ද සාක්කිකරුවන් ලෙස මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here