Thursday, May 2, 2024

දළයි ලාමාතුමන්ගේ මැදිහත්වීමෙන් ලංකාවත් සම්බන්ධ කරගත් අන්තර් ජාතික බෞද්ධ සමුලුවක්.


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් සමග ඇති බෞද්ධ බැදීම් ශක්තිමත් කරමින් අති උතුම් දලයි ලාමාතුමා විසින් රටවල් ගණනාවක ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සතිපට්ඨාන සූත්‍ර පිළිබඳ දෙදින සාකච්ඡා සමුළුවක් පැවැත්වූවා.

එය දෙසැම්බර් 17 සහ 18 යන දෙදින තුළ මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණේ ඉන්දියාවේ, හිමාචල් ප්‍රදේශයේ, ධර්මශාලා නුවර පිහිටි දලයිලාමාතුමාගේ ආශ්‍රමයේ සිටයි. ඉන්දුනිසියාව, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාවේ ථේරවාදී සංඝයාවහන්සේ දහස් ගණනක් මෙම දෙදින සැසිය සඳහා සහභාගී වුණා.

මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහනාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි, පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පුමුඛ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ 600 නමක් සහභාගීවීම විශේෂත්වයක්.

මෙම සූත්‍ර දේශනාව ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව සංගමය, බුද්ධදාස ඉන්දපන්නෝ ලේඛනාගාරය – බැංකොක්, සිරිවිජය ප්‍රාන්ත බෞද්ධ කවුන්සලය – ඉන්දුනීසියාව, මැලේසියානු ථේරවාද බෞද්ධ කවුන්සලය, ASEAN ධර්මදූත ව්‍යාපෘතිය සහ සිංගප්පූරුවේ ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථානයේ ආරාධනය පරිදි පවත්වනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles