Sunday, September 22, 2024

ගුරැ වර්ජනය නිසා දරැවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙස බලකරමින් ඔන්ලයින් හරහා පෙත්සමක් අත්සන් කෙරෙයි

ගුරු විදුහල්පති වර්ජනය හේතුවෙන් නතර වී ඇති පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙස බලකරමින් ඔන්ලයින් හරහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ, සිසු අධ්‍යාපන අයිතීන් උදෙසා දෙමව්පියෝ එකමුතුව විසින්. එහි කැඳවුම්කරු කේ ඒ නිරෝෂන ප්‍රනාන්දු පැවසුවේ එම පෙත්සම ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවයි.
ළමුන් 200ට අඩු පාසල් ලබන 21වනදා සිට ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. එහෙත් ඊට පෙර සිය ගැටලුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන 21වනදා සේවයට වාර්තා නොකරන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles