ගුරුවරියන්ගේ “බුරි“ ඇලජික් මහ ඇමති..

0
2125

නාභිය නොදක්‌ වා
සළු ඇඳ බොලට දක්‌වා
නොපව තන සක්‌ වා
සිනා නොමසෙන් දසන් දක්‌වා

තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් රචිත කාව්‍යශේඛරයේ එන කවියකි එ්. ඉන් ස්‌ත්‍රියට තහංචි කිහිපයක්ම පණවා ඇත.

ඉන් එක් තහන්චියක් වන “නාභිය නොදක්වා“ යන තහංචිය බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ඉදිරියේදී චක්‍රලේඛයක් මගින් පැනවීමට යෝජනාවී ඇත.

බස්නාහිර පළාතේ පාසල් වල සේවය කරනු ලබන ගුරුවරියන්ට සහ නැටුම් හදාරන දැරියන්ට නාභිය (බුරිය) පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල චක්‍රලේඛය විදුහල්පතිවරුන්හට නිකුත් කරන ලෙසට මහ ඇමතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත. ඒ ලබන ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here