Saturday, May 4, 2024

හංස පූට්ටුව රැකගන්න මාරපන බිලිවුණා – ගම්මන්පිල

දිනෙන් දින පිරිහෙමින් යන හංසපූට්ටු ආණ්ඩුව රැකගන්නට ඇමති මාරපන බිලිපූජාවක් කලබව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ(09) මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය.

“නීතිපතිවරයා ලෙස කටයුතුකල, ජනාධිපති නීතීඥ තිලක් මාරපනගේ නීති දැනුම හෑල්ලුවට ලක්කරන්න කාටවත් බෑ, ඔහු ඇත්ත ඇති සැටියෙන් දැකීම සහ ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ වරදට තමන්ගේ ඇමති පදවියෙන් පවා ඉල්ලා අස්වෙන්න වුනා“

මෙම ඉල්ලා අස්වීම අගමැතිවරයාගේ වුවමනාව මත සිදුවූවක්. ඇවන්ට් ගාර්ඩ් සිද්ධියේ සත්‍ය වසන් කිරීමේ අරමුණින් කල යමක් මිස සැබෑ ලෙසම ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු අවස්ථාවක් නෙවෙයි. අදහස් දක්වමින් ගම්මන්පිල මහතා ප්‍රකාශ කලහ.

ඇවන්ට් ගාර්ඩ් සිදුවීම සහ මිලේනියම් සිටි සිදුවීම සමාන කිරීම තුලින් මෙම සිදුවීම් දෙකම පැහැදිලිවම නිර්දය පහරදීම බව වැඩිදුරටත් පෙන්වා දුන්හ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles