ගුරුවරුන්ට පාඩමක් උගන්වන්න ගිය කොමියුනිට්ස් කොල්ලුරේට ස්ටාලින් ප්‍රතිචාර දක්වයි

0
316

හෙට දින පාසල් වෙත නොපැමිණියහොත් ගුරුවරුන්ගේ වැටුප් කපා දමන බවට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කළ ප්‍රකාශයට අද ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ විරෝධය එල්ල විය.

අද (21) කොළඹදී එම වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ  මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අදහස් දක්වමින් පැවසුවේ කොමියුනිට්ස් පක්ෂයේ සභාපති නොමිනිස්ට් පක්ෂයේ සභාපති බවට පත් වූ බවයි. 

ඉතිහාසය පුරාම  සමාජවාදය ගැන කතා කරමින් සිදුකළේ පාවාදීම් බවද ස්ටාලින් මහතා කියාසිටියේය. 

”වැඩවර්ජනයට ගියොත් අනිවාර්යයෙන් දින දෙකේ පඩි කපනවා කියනවා. ඊට අමතරව නොවැම්බර් මාසයේත් අපි පඩිය දෙන්නේ නැහැ කියනවා.  ඒ වගේම ඊට වඩා බරපතල ප්‍රකාශය මොකක්ද, 25 වැනිදා සේවයට වාර්තා කරන්න දෙන්නේ නැහැ කියල කියනවා. රාජා කොල්ලුරේ හොඳට මතක තියා ගන්න ඔය කවුද කියල. 25 වැනිදාට එක ගුරුවරයෙකුට හෝ සේවයට වාර්තා කරන්න ඉඩ නොදුන්නොත් ගන්න ක්‍රියාමාර්ගය ඔය නොමිනිස්ට් පක්ෂයේ සභාපතිට බලාගන්න පුළුවන්.මොක්කුන්ද මේ? ගුරුවරු බයගන්වන්නද හදන්නේ. ඔය කතාවලට අපි බය බය නැහැ.” 

කොල්ලුරේලා හරහා එන්නේ ආණ්ඩුවේ හඬ බවද ස්ටාලින් මහතා කියාසිටින ලදී.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here