Thursday, January 16, 2025

ගෝඨාභය බේරාගැනීම සඳහා කිංස්ලි මහින්දට පහරදෙයි

ගෝඨාභය බේරාගැනීම සඳහා මහින්දට පහරදුන් කිංස්ලි එක දවසින් පච වෙයි

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ (05) සවස සිරස රූපවාහිනී නාළිකාවේ “දවස” සංවාදමය වැඩ සටහනට එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ප්‍රහාර ගණනාවක්ම එල්ල කරනු ලැබීය.

ඔහු මෙම ප්‍රහාර එල්ල කළේ ‍ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පෞර්ෂත්ව ලක්ෂණ හුවා දැක්වීම සඳහා ය. ඔහු මෙහිදී අවධාරණය කළේ ප්‍රදර්ශනය වෙනුවෙන් දරුවන් සුරතල් කිරීම සහ ශාරීරික ව්‍යායාම කිරීම ආදී කටයුතුවල නොයෙදෙන බවය. මේ ආදී වශයෙන් මහින්ද රාජපක්ෂ අනුගමනය කළ ක්‍රියාමාර්ග ගණනාවක්ම ගෝඨාභය රාජපක්ෂ අනුගමනය නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ඉදිරිපත් කළ කරුණු ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාමාර්ග සමඟ සම්පූර්ණයෙන්ම පටහැනි තත්වයක්ද තිබිණි. කොවිඩ් මර්දනයේදී ලෝකයටත් ආදර්ශ දුන් බව මුලදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවා එම ප්‍රකාශ විවේචනය කර තිබිණි. නමුත් එම තත්වයන් සඟවමින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ලංකාව දරුණු කොවිඩ් ඛේදවාචකයකට ගොදුරු වෙමින් තිබෙන බව අනතුරු ඇඟවූවද, රට වසා නොදමන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ නිසා එක් එක් නගරවල වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් එම නගර වසා දැමීමට මුල පිරූ අඅතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මුල්වී, ආණ්ඩුව නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොකළහොත් වෘත්තීය සමිති විසින් රට වසා දමා කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීමට ක්‍රියාකරන බවට අනතුරු ඇඟවීය. ඉන්පසුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් මෙරට ජනතාවගේ ජීවිත 20,000කට වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවිය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඊයේ එම වැඩසටහනේදී සඳහන් කළේ එම ජයග්‍රහන අත්කර දුන්නේ ජනාධිපතිවරයා බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles