Monday, May 20, 2024

තනියම ඉල්ලුවනං මෛත්‍රීට වෙන්නෙත් රනිල්ට වෙච්ච දේම තමයි – දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පසුගිය ජනපතිවරණයේ හෝ මහ මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවකු නොවන බවත්, කොයි මොහොතේ හෝ හිටපු ජනපති ඇතුළු පිරිස පොල්ල තියා යන බැවින් හොඳම දේ දැන්ම ඔවුන් ඉවත් කිරීම බවත්, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

මහනුවර ඊයේ (05දා) මාධ්‍ය හමුවක් පවත්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශය කළේය.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රි ධුර 13ක් හිමි වූවේ පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කළ නිසා බවත්, තනිව තරග කළා නම් ඔවුන්ට අත්වන්නේ එජාපයට අත්වූ ඉරණමම බවත් අවධාරණය කළ අමාත්‍යවරයා ආණ්ඩුව තුළ සිටිමින් එහි සාමූහිකත්වයට හානි වන ලෙස කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත්, එලෙස කරන්නට අවශ්‍ය නම් කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එය සිදුකිරීම බවත් මහතා කීය.

ඉන්දියානු ඔත්තු සේවා මඟින් දහ දොළොස් වතාවක් දැනුම් දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිව සිය ගණනක් බැතිමතුන් පල්ලි තුළ මරණයට පත්වූවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරද්දී බවත් මේ නිසා වත්මන් රජයට ඇඟිල්ල දිගු කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් අමුණුගම මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles