Thursday, January 23, 2025

“ගෝඨාභය ෆේල්, මහින්ද මහත්තයෝ රට බාරගන්න”
– මුරුත්තෙට්ටුවෙි හිමි අයදී

”මහින්ද මහත්තයෝ තවදුරටත් රාජපක්ෂලා  මේ රටේ බලය හොබවන්න අවශ්‍යි කියල හිතනවානම් දවසින් දවස පරිහානියට යන රට ආරක්ෂා කරගන්න දැන්වත් මැදිහත්වෙන්න. ඔබතුමාටයි 69 ලක්ෂයක් ජන්ද ලැබුණේ. ඔය කයිවාරු කාරයින්ට නෙවෙයි. එදා ගෝඨාභය මහත්තය බලයට අපු වෙලාවේ අපේ තරුණයෝ තාප්පයක් ඉතිරි කලේ නැහැ ලස්සනට පින්තුර සටහන් කළා. දැන් ඒ පින්තූරවල තීන්ත පාරවල් දෙකක් ගාන්න ඒ තරුණයෝ එන්නේ නැහැ. ඔක්කොම කලකිරිලා. මේක නිකන් ඇති වුන කලකිරීමක් නෙවෙයි. ඒ නිසා තව ප්‍රමාද නැහැ. ජන්දයක් එන්න කලින් මේ රට භාර ගන්න.ගෝඨාභය රාජපක්ෂ  මහත්තය විරුද්ධ වෙන එකක් නැහැ. එහෙම විරුද්ධ වුණොත් එය ඔහු රටට කරන හානියක් කියන එකයි මම හිතන්නේ. කොහොම හරි කමක් නැහැ මහින්ද මහත්තයෝ මේ රට භාර ගන්න. පංච මහා බලවේගයම කිපිලා පාරට බහින්න ඉස්සෙල්ල අපි කරන එකම ඉල්ලීම තමයි හදා  ගත්ත ගෙයි  අඩුපාඩු  හදාගමු. නැත්නම් වෙනදෙයක් බලාගෙන ඉමු. රට ගොඩගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයට විතරයි. අපි ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ඉන්නවා. මේ බෝල් හඬවලින් වැඩක් නැහැ.” යනුවෙන් රට රකින ජාතික සංවිධානයේ කැඳවුමිකරැ ,නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ. 

හැට නව ලක්ෂයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති විශ්වාසය නිසා පමණක් බවද උන්වහන්සේ කියා සිටියහ.

නාරාහේන්පිට, අභයාරාමයේ ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙලෙස පැවසූහ. මෙහිදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ නැවත වරක් රට භාරගැනීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ද කිසිඳු විරෝධයක් නොදක්වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි. එලෙස විරෝධයක් දක්වන්නේ නම් ඔහු රටට ආදරය නොකරන්නෙක් වනු ඇති බව ආනන්ද හිමි කියයි.

මෙරටට විශාල සේවයක් ඉටු කළ ඩී.එස්. සේනානායක පරම්පරාවද බණ්ඩාරනායක පරම්පරාවද දැන් අවසන්ව ඇති බවත් තවදුරටත් රට මෙවැනි අගාධයකට ඇදදමන්නේ නම් රාජපක්ෂ පරම්පරාවේ අවසානයද මෙය වනු ඇති බවත් පෙන්වා දෙන ඒ හිමියෝ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි එදා තැබූ විශ්වාසය සියයට සියයක් නොව සියයට දෙසීයකින් දැන් බිඳ වැටී ඇති බව ද කීහ.

මුරුත්තෙට්ටුවේ හිමි මෙහිදී පෙන්වා දුන්නේ ලෝකයෙන් උතුම් රට ලංකාව යැයි තවදුරටත් පැවසීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ රට භාරගත යුතුම වන අතරම ඔහු ජනතාවගේ හදවතේ නායකයා බව සියල්ලන්ම හොඳින්ම දන්නා බවය. දිගින් දිගටම ඔහු රැකගෙන යන නිහඬතාවය නිසා ඔහු ද දැන් ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. ඊළඟ ඡන්දය පැමිණීමට පෙර රට භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමස්ත ජනතාව නියෝජනය කරමින් මෙම ඉල්ලීම කරනවා.

ගුරු විදුහල්පති ප්‍රශ්නය ඉතා හොඳින් විසඳෙමින් තිබෙන නිසා රටේ දරුවන් ගැන කල්පනා කර 21 වැනිදා සේවයට පැමිණෙන ලෙස සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. තවදුරටත් අවස්ථාවාදී වී තම තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ දරන අයට ඉඩනොදී හෙට දින සේවයට එන්න යැයිද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කියා සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles