චානුක ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

0
689

චානුක රත්වත්තේ ඇතුළු පස්දෙනා ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

ඔවුන් මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල්  රුපියල් කෝටි 420 ක් වංචා කළැයි කියන චෝදනාව හේතුවෙනි.

සැකකරුවන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් ලිඛිත දේශනවලට පිළිතුරු දේශන නීතිපතිවරයා අද එවා තිබූ අතර එහි දී  මහේස්ත්‍රාත්වරිය පැවසුවේ ඒවා අධ්‍යයනය කර ඇප ලබා දීම ගැන ඊළඟ නඩු වාරයේ තීන්දුවක් ගන්නා බවයි.

ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් සෙසු සැකකරුවෝ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here